ජනාධිපතිවරණයේදී තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡන්දය භාවිත කිරීමට සාධාරණ බියක් ඇත්නම් එම ඡන්ද දායකයන්ට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කිරීමට ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.
ඊට අදාළ ඉල්ලුම්පත් සියලුම දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරී කාර්යාල වලින් ලබාගත හැකි බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.
ලබන 25 වෙනිදාට පෙර අදාළ ඉල්ලුම්පත් මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමුකළ යුතුයි. එලෙස යොමුකරන අයදුම්පත්‍රවල ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පත් අංකය අනිවාර්යෙන්ම සඳහන් කළයුතු බවත් ග්‍රාම නිලධාරිවරයා එය සහතික කිරීම අනිවාර්ය බවත් මැතිවරණ කොමිසම නිවේදනය කළා.
The post නියමිත මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කිරීමට සාධාරණ හේතුවක් ඇති ඡන්ද දායකයන්ට වෙනත් මධ්‍යස්ථානයක් appeared first on ITN News.
Post a Comment