Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වර්ජනයට බිලිවන ජීවිත  

Add comments

රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ ද තමන් ඊට එක් නොවී සත්කාරක සේවා අඛණ්ඩවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. වෛද්‍යවරයාගේ වගකීම රෝගී ජීවිත රැකගැනීම මිස දේශපාලන අරමුණු ඉටුකර ගැනීම නොවන බවයි එම සංසදය පවසන්නේ. මේ අතර රෝගීන් ද පවසන්නේ පටු අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන් තම ජීවිත බිල්ලට ගැනීම අසාධාරණ බවයි.

සිය වැටුප් විෂමතාවන්ට විසදුම් ලබා නොදුන් බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණී රෝගීන් බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවට පත්වුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් පැවසුවේ දුරබැහැර ගම් ප්‍ර දේශවල සිට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි තමන්ට හිස් අතින් ආපසු යාමට සිදුව ඇති බවයි. පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කළා.

 

The post වර්ජනයට බිලිවන ජීවිත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG