Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිලී රාජ්‍යයට බලපා ඇති නියං කාලගුණය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්  

Add comments

චිලී රාජ්‍යයට බලපා ඇති නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. චිලී රාජ්‍යයේ ජන ගහනයෙන් සියයට හැත්තෑවකට ජලය නොමැති බවයි වාර්තා වන්නේ. දශක ගණනාවකින් අනතුරුව චිලී රාජ්‍යයට බලපෑ දරුණුතම නියං සහිත කාලගුණික තත්ත්වය මෙයයි. චිලී අගනුවර වන සැන්ටියාගෝ නගරයටයි වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ. මෙම තත්ත්වයට විසදුම් සෙවීම සදහා ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවයි චිලී බලධාරීන් ප්‍රකාශ කළේ. ****

පසුගිය නවවනදා ජපානයට බලපෑ ෆැක්සායි සුළි කුණාටුව හේතුවෙන් තවමත් එරට හැටදහසකට පමණ විදුලිය නොමැති කමින් පීඩා විදිනවා. දින 10 ක් ගතවුවද විදුලිය යථාතත්වයට පත්කර නැහැ. ෆැක්සායි සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ නිවාස රැසක දැඩි අලාභ හානි සිදුවුණා. තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි ජපාන බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

The post චිලී රාජ්‍යයට බලපා ඇති නියං කාලගුණය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG