Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටොංගෝ රාජ්‍යයේ අගමැති අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ටොංගෝ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අකිලිසී පොහීවා අභාවප්‍රාප්ත වී තිබෙනවා. නවසීලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයී ඔහු අභාවප්‍රාප්ත වුණේ.

පරිසර හානිය සමග වර්ධනය වන ලෝකයේ සිදු වන  කාලගුණ විපර්යාස පිළිබද විශේෂ අවධානය යොමුකරමින් ටොංගෝ අග්‍රාමාත්‍යවරයා කළ වැඩසටහන් කැපී පෙනුණා. 1987 වසරේ සිට ටොංගෝ පාර්ලිමේන්තුව නියෝජනය කළ අකිලිසී පොහීවා මිය යන විට 78 වන වියෙහි පසු වූණා.

අක්මාවේ ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් අසනීප වූ ඔහු පසුගිය සතියේදී නිව්මෝනියාව හේතුවෙන් ටොංගෝ රෝහලකට ඇතුළත් කෙරුණා. අසනීප තත්ත්වය වඩාත් දරුණු අතට පත්වීමත් සමගයි ප්‍රතිකාර සදහා නවසීලන්තයේ රෝහලකට ඇතුළත් කෙරුණේ.

 

 

 

 

The post ටොංගෝ රාජ්‍යයේ අගමැති අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG