ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අනුමත කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ගැටලු විසදීමට මේවන විටත් නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එම සංශෝධන ජනවාරි පලමුවනදා සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 2015 වර්ෂයට සාපේක්ෂව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීම සියයට 106 ක ප්‍රතිශතයක් බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඇතැම් ගුරුවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර තම සේවාව රජයේ පාසල්වල දරුවන්ට ලබානොදීමට අද (26) පියවර ගත්තා. ඔවුන් පෞද්ගලික උපකාරක පන්තිවලින් ඉවත්ව සිටින්නේද යන්න පිලිබදවද විමසා සිටින යුතු බවයි අමාත්‍යාංශය සදහන් කළේ.
The post ගුරු විදුහල්පති වෘත්තීය වැඩපිලිවෙළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දිමක් appeared first on ITN News.
Post a Comment