ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් නිකුත් කරන විශේෂ හැදුනුම්පත ලබාගැනීම සඳහා අයදුම්පත් ලබන බ්‍රහස්පතින්දා (03) දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණයේදී ඡන්ද දායකයන් පිළිගත් අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කළයුතු බවයි කොමිසම පෙන්වාදෙන්නේ. ඒ සඳහා පිළිගන්නා අනන්‍යතා ලේඛන 7 ක් නිර්දේශ කර තිබෙනවා. ජාතික හැදුනුම්පත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැදුනුම්පත සහ වැඩිහිටි හැදුනුම්පත ඊට අයත්. පූජ්‍ය පූජක හැදුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන විශේෂ හැදුනුම්පත ද ඡන්දය භාවිත කිරීම සඳහා ඉදිරිපත් කළ හැකියි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සියලු සේවා නියුක්තිකයන්ට නියමිත නිවාඩු ලබාදෙන ලෙස ද කොමිසම සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා. වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව මෙම නිවාඩු ලබාදිය යුතුයි. දින භාගයේ සිට දින තුනක් දක්වා ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයට ඇති දුර අනුව සේවා නියුක්තිකයන්ට නිවාඩු හිමිවනවා.
The post ඇල්පිටිය ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment