Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟතබා ගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලස්මුල්ල සහ මන්නාරම යන ප‍්‍රදේශවලදී. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ළඟ තිබී කේරල ගංජා කිලෝග‍්‍රැම් එකහමාරක් සොයාගත්තා. සැකකරු වලස්මුල්ල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබෙනවා. ඔහු වයස අවුරුදු 30 ක් වන මාතර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනෙක් සැකකරු ළඟ තිබී කේරල ගංජා ග‍්‍රෑම් 75 ක් සොයා ගැනීමට පොලීසිය සමත් වුණා. ඔහු වයස අවුරුදු 35 ක් වන එප්පාවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් මන්නාරම සහ වලස්මුල්ල පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා.

The post මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG