Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලංගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ පිහිටි ස්වභාවික හුණුගල් පොකුණ  

Add comments

ශ්‍රී ලංකාව සොබා දහමේ අපූරු දායාද රැසකින් හෙබි සුන්දර දිවයිනක් වන නිසාම ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමුව තිබෙනවා. වැඩි ප්‍රසිද්ධියක් නොමැති වුවද සොබාදහමේ බොහෝ අපූරු දායාද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ දැකගත හැකියි.

ඉතා මනස්කාන්ත පරිසරයක පිහිටි බලංගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ පිහිටි කූරගල රක්ෂිතය මෙම අපූරු දායාදයන් රැසකින් හෙබි පරිසරයක් වනවා. ස්වභාවික හුණුගල් පොකුණ මෙම දායාදයන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා. විශාල කුඹුක් ගසක් යට හුණුගල් පොකුණු 51කින් මෙය සමන්විත වනවා. එමෙන්ම තවත් කුඩා හුණුගල් සිය ගණනක් මෙම ස්ථානයේ පිහිටා ඇති අතර එය කිලෝමීටරයක් පමණ දිගට පිහිටා ඇති අයුරු දැකගත හැකියි. අඩි 40ක් පමණ උස හුණුගල් ඇල්ල මෙම පරිසරය තවත් හැඩ කරනවා. වර්ෂා කාලයේදී විශාල දිය දහරාවක් ඇද හැලෙන හුණුගල් ඇල්ල ඉතා මනස්කාන්ත වුවත් හුණුගල් ගුහාව සෑදී ඇත්තේ ද ඇල්ල අභ්‍යන්තරයේ දිගු කාලීනව හුණුගල් එක්වී මෙම ගුහාව සෑදී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

 

The post බලංගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ පිහිටි ස්වභාවික හුණුගල් පොකුණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG