Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බලන විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරිමේ යෝජනාවක්  

Add comments

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කරගැනීමට තීරණය කර තිබෙනවා. කාරක සභාවේ කාලය මීටපෙර සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළා.

එහෙත් ඊට පෙර 30 අවසන් වාර්තාව සකස් කළ නොහැකි බවයි එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසන්නේ. ඒ අනුව විශේෂ කාරක සභාවේ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කරගැනීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායකවරයාට ඉදිරිපත් කරන බවයි ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව ලබන 20 වෙනිදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවන බව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපති කාර්යාලයේදී පෙරවරු 10 ට හමුව සිදුවන බවයි නියෝජ්‍ය කථානායකවරයා පවසන්නේ.

The post පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බලන විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරිමේ යෝජනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG