Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් හි හතළිස් අට දහසකට පීඩා  

Add comments

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් හි දිස්ති‍්‍රක් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් හතලිස් හය දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

මැන්ඩ්සෝර් සහ නිමුච් දිස්ති‍්‍රක් වලටයි වැඩිම බලපැමක් එල්ල වුණේ. පසුගිය දින හතරක සිට එම ප‍්‍රදේශ වලට ධාරාණිපාත වැසි ඇදහැලෙමින් පවතිනවා. ඉදිරි දින කිහිපයේදීද එම තත්ත්වය පවතින බවටයි ඉන්දිය කාලගුණ අංශ අනාවැකි පළකළේ. ඉන්දිරා සාගර් සහ සර්දාර් සරෝවර් ජලාශවල ජල මට්ටම් සීඝ‍්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා. ඒ අවට සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට ද පියවර ගෙන ඇති බව ඉන්දිය ආපදා කළමනාකරණ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මනෝජ් පාත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළා.

The post අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් හි හතළිස් අට දහසකට පීඩා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG