Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුමැතියකින් තොරව සුරාසල් බලපත‍්‍ර ලබාදීම ගැන පරීක්ෂණ  

Add comments

සිය අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව සුරාසල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේද යන්න වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත  වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නියෝග කර තිබෙනවා.

2017 සහ 2018 වසරවලදී තමන්ගේ අනුමැතියකින් තොරව මෙලෙස සුරාබදු බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේ දැයි සොයා බලා වාර්තා කරන ලෙසයි මංගල සමරවීර මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.ජී සුමනසිංහ මහතා වෙත නියෝග කොට ඇත්තේ. සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් අනුගමනය කළ පිලිවෙත අනුව බලපත්‍ර නිකුත් කිරීමේදී විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් කළ යුතු බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. 2017 වසරේ බලපත්‍ර 10 ක් සහ 2018 වසරේ බලපත්‍ර 74 ක් නිකුත් කල ඇති බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක  දැක්වෙනවා. මේ අතර මේ වසරේදී කිසිදු නව නිෂ්පාදනාගාර බලපත්‍රයක් සුරාබදු දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරන්නේ. සුරාබදු පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් බලපත්‍ර ලබාදීම් සිදු කර ඇත්නම් වහා ඊට එරෙහිව පියවර ගන්නා බවද ඔහු කියා සිටිනවා.

 

The post අනුමැතියකින් තොරව සුරාසල් බලපත‍්‍ර ලබාදීම ගැන පරීක්ෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG