Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමන් අතාවුදහෙට්ටි රචනාකළ සොඳුරු සැරි සර රම්‍ය සාගරය දිගේ කෘතිය පිළිබඳ කථිකාවක් ජපානයේදී   

Add comments

ප්‍රවීණ මාධ්‍යෙව්දී සමන් අතාවුදහෙට්ටි මහතා රචනාකළ සොදුරු සැරි සර රම්‍ය සාගරය දිගේ කෘතිය පිළිබද කථිකාවක් ජපානයේ ටෝකියෝ නුවරදී  පැවැත්වුණා.  මෙහි ප්‍රධාන දේශනය පැවැත්වුයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතායි.

සොදුරු සැරිසර රම්‍ය සාගරය දිගේ චාරිකාලංකාරය තුළින් ශ්‍රී ලාංකික ජනතාවට ජපානය පිළිබද වැඩි අවබෝධයක් ලැබෙන බව ධම්මික ගංගානාත් දිසානායක මහතා ප්‍රකාශ කළා. චාරිකාලංකාර ලේඛකයන් මුහුණදෙන අභියෝග ජයගනිමින් අතාවුදහෙට්ටි මහතා කෘතිය රචනා කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සාමාන්‍ය සංචාරක ලේඛණ ක්‍රමවේදයෙන් බැහැරව නිර්මාණාත්මක හා නාටකීය ස්වරූපයකින් මෙම කෘතිය ඉදිරිපත් කර තිබෙනවා. අස්කා විදේශීය සංස්කෘතික හුවමාරුවේ සභාපතිනී ගෙන්සෙයි  ඉතෝ මහත්මිය ප්‍රකාශ කළේ මෙම කෘතිය ජපන් බසට පරිවර්තනය කිරීම පිළිබදව අතාවුදහෙට්ටි මහතාගේ අවධානය යොමු විය යුතු බවයි.

 

 

The post සමන් අතාවුදහෙට්ටි රචනාකළ සොඳුරු සැරි සර රම්‍ය සාගරය දිගේ කෘතිය පිළිබඳ කථිකාවක් ජපානයේදී  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG