Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම රක්‍ෂිත බන්ධනාගාරයට  

Add comments

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුලු 5 දෙනෙකු ලබන 16 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අධිකරණ නියෝග කඩ කරමින් පෞද්ගලික ඉඩමක මෘත ශරීරයක් භූමදානය කිරීම ඔවුන්ට එරෙහි චෝදනායි. අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පසුගිය අගෝස්තු මස 19 වනදා අදාළ මෘත ශරීරය භූමදානය කළ බවට තෙවරප්පෙරුම මහතා ඇතුලු 5 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා. තෙබුවන පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබුණා.

ඒ අනුව ඔවුන් අද (10) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ***කලුතර තරිදු ඉන්ටර්නෙට්***

The post නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම රක්‍ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG