ආදර්ශ ගම්මාන අටක් ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ ලබන මාසයේ දී. මෙම ගම්මාන ඉදිකර තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. මේ වනවිට ඉදිකිරිම් ආරම්භ කර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 136ක්. ඒ සඳහා රුපියල් මිලියන 924ක මුදලක් රජය වැයකර තිබෙනවා.
පුද්ගලයන් හාර දහසකට ආසන්න සංඛ්‍යාවකට මින් ප්රතිලාභ හිමිවන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ.
The post තවත් ආදර්ශ ගම්මාන අටක් ජනතා අයතියට appeared first on ITN News.
Post a Comment