Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හදිසි අනතුරු වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

හදිසි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. එක් අනතුරක් සිදුවුණේ නාවලපිටිය කිරිමැටියාව ප‍්‍රදේශයේ. මාර්ගය අලුත්වැඩියා කරමින් තිබූ බැකෝ යන්ත‍්‍රයක් ක‍්‍රියා විරහිතවීම පරික්ෂා කිරිමට පැමිණි පුද්ගලයෙකුගේ ඇඟ මතට එහි යකඩයක් කඩාවැටීම‍ෙන් ඔහු බරපතල තුවාල ලබා තිබෙනවා. පසුව නාවලපිටිය රෝහලට ඇතුලත්කළ අවස්ථාවේ ඔහු මියගිය බවයි පොලීසිය පවසන්නේ. 38 හැවිරිදිි පුද්ගලයා හැටන් මල්දෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනෙක් අනතුර සිදුවුණේ මල්ලාවි ප‍්‍රදේශයේදී. ඒ වැලි ප‍්‍රවාහනය කළ ට‍්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී පෙරළී යාම‍ෙන් එහි රියදුරු ට‍්‍රැක්ටර් රථයටම යටවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

The post හදිසි අනතුරු වලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG