Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙළුම් කුළුණ ජනතා අයිතියට  

Add comments

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ වන නෙළුම් කුළුණ අද පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ 2012 වසරේදී චීන බැංකුවක් මගින් රුපියල් බිලියන 16 ක ණය මුදලක් ලබාගෙන මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවයි. කෙසේ වුවද මෙම ණය ලබාදීමේ දී ත්‍රෛපාර්ශ්වික ගිවිසුම් ගත වූ  සමාගමක් රුපියල් බිලියන දෙකක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාගෙන අතුරුදන් වී ඇති බව ද ජනාධිපතිතුමා සදහන් කළා.

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස නෙළුම් කුළුණ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ජනාධිපතිතුමා අතින් මෙම කුළුණ ජනගතවීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ මෙය සන්නිවේදන තාක්ෂණයේ පිම්මක් වනු ඇති බවයි. එමෙන්ම දෙස් විදෙස් සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් වනු ඇති බවටද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළා.

කෙසේ වුවද මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදලක් රටට ඉතිරි කර දෙමින් නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කෙරුණේ රටට විශාල මුදලක් ඉතිරි කර දෙමින්. මෙම නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19 ක් වූ අතර චීනයේ එක්සින් බැංකුව රුපියල් බිලියන 16 ක ණය මුදලක් ලබාදීම සදහා ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරුණා. එහිදී චීනයේ සමාගම් දෙකක් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කර තිබෙනවා.

2015 වසරේ සිදු කරන ලද විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ ගිවිසුමේ එක් පාර්ශ්වයක් වන ඇලිඩ් නමින් වන සමාගම පිළිබදව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි. මෙම සමාගමට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවද ජනාධිපතිතුමා සිය කතාවේදී පෙන්වා දුන්නා.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චොන්ග් ෂුවොන් මහතාට ජනාධිපතිතුමා සමරු තිළිණයක් ප්‍රදානය කළා.

 

The post නෙළුම් කුළුණ ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG