Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයට ගංවතුරෙන් බලපෑම්  

Add comments

ස්පාඤ්ඤයට බලපෑ වැසි තත්වයත්  සමඟ දරුණු ගංවතුර තත්වයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

ස්පාඤ්ඤයේ නගර කිහිපයකට බලපෑ ඇති ගංවතුර හේතුවෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්ව සිටිනවා. 3500 කට අධික පිරිසක් ගංවතුර පවතින ප්‍රදේශවලින් ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ස්පාඤ්ඤයේ දකුණුදිග ප්‍රදේශයේ වැව් බැම්මක් පිපිරී යාම හේතුවෙන් වැලෙන්සියා සහ මුර්සියා යන නගරවලට දැඩි බලපෑමක් එල්ල වුණා.

පීඩාවට ජනතාව මුදාගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවා. අධිවේගී මාර්ග ඇතුළු මාර්ග රැසක් මේ හේතුවෙන් වසා දමා ඇති බව ද වාර්තා වනවා.

 

 

 

 

 

The post ස්පාඤ්ඤයට ගංවතුරෙන් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG