ඇමෙරිකාව තුළ සරණාගතයින් පදිංචි කරවීම දහඅටදහස දක්වා සීමා කර තිබෙනවා.
නූතන ඇමෙරිකා සරණාගත වැඩසටහන යටතේ වසරකදී පදිංචි කරවන අවම සරණාගත සංඛ්‍යාව මෙයයි. ඒ අනුව ලබන වසරේ ඇමෙරිකාව තුල පදිංචි වීම සදහා අවස්ථාව හිමි වන්නේ සරණාගතයින් 18000 කට පමණයි. 2017 වසරේදී සරණාගතයින් 45000 ක් ඇමෙරිකාවේ පදිංචි කර තිබෙනවා.
පසුගිය වසරේදී 30000 දක්වා සීමාකළ මෙම පදිංචිකරවීම් මේ වන විට හරි අඩකින් සීමාකර තිබෙන්නේ ලොව පුරා අවතැන් වූ සරණගාත සංඛ්‍යාව මිලියන 71 දක්වා ඉහළගොස් තිබියදී වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ මෙම පියවර මානව හිමිකම් කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
The post ඇමෙරිකාව තුළ සරණාගතයින් පදිංචි කරවීම දහඅටදහස දක්වා සීමා කෙරේ appeared first on ITN News.
Post a Comment