Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව ප්‍රථම මැලේරියා එන්නත එළිදකී  

Add comments

ලොව ප්‍රථම මැලේරියා එන්නත කෙන්යාවේදී අද අත්හදා බැලෙනවා. මෙය ක්‍රියාත්මක වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය ද සහිතවයි.

මෙම වැඩසටහනේ ඉදිරි වසර තුනේ දී ළමයින් ලක්ෂ තුනකට අදාළ එන්නත ලබා දීමට නියමිතයි.

මැලේරියා රෝගය හේතුවෙන් වසරකදී ලොවපුරා ලක්ෂ හතරකට අධික පිරිසක් මිය යන අතර ඉන් බහුතරයක් දරුවන් වනවා.

මෙම රෝගයට එන්නතක් සෙවීමේ කාර්යය සදහා වසර තිහකට අධික කාලයක් ගතවී තිබෙනවා.

මෙය සාර්ථක වුවහොත් මැලේරියා රෝගය ලෝකයෙන්ම තුරන් කිරීමට හැකිවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

The post ලොව ප්‍රථම මැලේරියා එන්නත එළිදකී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG