Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට දැඩි දඬුවම්  

Add comments

අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට දැඩි දඩුවම් ලබාදීමේ නීති සකස් කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. බලංගොඩ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ බලංගොඩ කුමාර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 150 ක්.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාතාල නායකයෙකුට ලබාදීම සදහා රැගෙන ගිය ජංගම දුරකතන සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් ඇගයීට ලක් කිරීමට ද අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කටයුතු කළා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී එම නිලධාරීන්ට ඇගයීම් සහතික පත් පිරිනැමුනා.

 

 

The post අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට දැඩි දඬුවම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG