දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය නගරය ජලයෙන් යටව පවතිනවා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. කාණු පද්ධතිය ක්‍රමවත් ලෙස සකස් නොකිරීම හේතුවෙන් නාවලපිටිය නගරය මෙලෙස ජල ගැලීමට ලක්වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
මේ අතර කෙසෙල්ගමු ඔයේ සැඩපහරට ගසාගෙන ගිය පුද්ගලයාගේ සිරුර සොයා පොලීසිය සහ නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. සැඩපහරට ගසාගෙන යාම හේතුවෙන් අතුරුදන් වුණේ බගවන්තලාව කිලානිවත්ත ප්‍රදේශේ පදිංචි දෙදරු පියෙකි.
The post බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment