ඉදිකිරීම් ක්ෂේත්රයට බලපා ඇති ගැටලුවකට විසදුම් ලබාදෙමින් සෝදා හලන ලද මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ආරම්භකර තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්රය සදහා ගංගා සහ ඇළ මාර්ග ආශ්රයෙන් ලබාගන්නා ඛණිජ සම්පත් ක්ෂය වෙමින් පැවතීමත් සමග ගැටලු මතුව තිබෙනවා. එය සැළකිල්ලට ගනිමින් පරිසර හානිය ද අවම කිරීමේ අරමුණ ඇතිවයි නව ව්‍යාපෘතිය ආරම්භකර තිබෙන්නේ.
කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර ඇති යන්ත්රාගාරය තුළ සකස් කෙරෙන මුහුදු වැලි නොවැම්බර් මාසයේ සිට වෙළෙදපොලට නිකුත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
The post මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment