මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපානයත් එක්වුණා.
දිවයිනේ උතුරු පළාතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත්කිරීමේ කාර්ය සඳහා ජපානය රුපියල් මිලියන 110ක මුදලක් මැග් සංවිධානයට ලබා දීමට තීරණය කර තිබෙනවා. එම සංවිධානය උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා. මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු කෙරුණා. ලබන වසර වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ බලපෑමෙන් නිදහස් රටක් බවට පත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට සහාය වෙමින් ජපානය මෙම මුදල් පරිත්‍යාග කර තිබෙනවා. අවතැන් පුද්ගලයන් යළි පදිංචි කිරීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු නිදහසේ සිදු කිරීමට අවස්ථාව සැලසීම ද මේ අනුව පහසුවනු ඇති. පසුගිය වසර 5 තුළ මැග් ශ්‍රී ලංකා සංවිධානය බිම් බෝම්බ දොළොස් දහසකට අධික සංඛ්‍යාවක් ඉවත් කරන තිබෙනවා.
The post මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපානයත් එක්වෙයි appeared first on ITN News.
Post a Comment