කියුබාවට ආසන්න දකුණු මුහුදු තීරයේ රිච්ටර් පරිමාණ ඒකක 7.7 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
කැරිබියන් දූපත් ආසන්නයේ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අවදානමක් ද නිකුත් කෙරුණා. ජමෙයිකාවත්, කේමන් දූපත් සහ කියුබාව අතර මුහුදේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන තිබුණා. මේ හේතුවෙන් ගොඩනැගිලිවල සිටි ජනතාව ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. මෙම භූ කම්පනයෙන් කිසිවෙකුටත් හානි සිදුව නැති බවයි වාර්තා වන්නේ. මුහුදු රළ අඩි 4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. භූ කම්පනය සිදු වී පැය කිහිපයකින් අනතුරුව සුනාමි අවදානම ඉවත් කිරීමට කටයුතු කළා.
The post කියුබාවට ආසන්න දකුණු මුහුදු තීරයේ රිච්ටර් පරිමාණ ඒකක 7.7 ක ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment