Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විග්නේෂ්වරන් ඇතුළු තුන්දෙනෙකුට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින දෙයි  

Add comments

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහි පෙත්සම මැයි මස 18, 19 සහ 20 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අධිකරණයට අපහාස කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හිටපු ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කර තිබුණා. එය වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා. එම නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවටයි විග්නේෂ්වරන් මහතා ඇතුළු තුන්දෙනාට චෝදනා එල්ල වී ඇත්තේ.

 

 

The post විග්නේෂ්වරන් ඇතුළු තුන්දෙනෙකුට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG