ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බස් රථයක් අනතුරට පත්වීමෙන් හත් දෙනෙකු මියගොස් හතලිස් දෙනෙකු තුවාල ලැබුවා.
බස් රථය බර්හම්පූර් බලා යමින් සිටියදී රයාගඩා ප්‍රදේශයේ දීයි අනතුර සිදුවුණේ. පටු මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථය අඩි 30 ක පමණ ප්‍රපාථයකට පෙරලී තිබෙනවා. බස් රථය තුළ සිරවූවන් පිටතට ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබෙනවා. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.
The post ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බස් රථයක් අනතුරට පත්වීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment