බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම පිළිබඳ ඓතිහාසික ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා.
මෙම යෝජනාව සඳහා යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් 751 දෙනෙකු සහභාගිවෙනු ඇති. ඔවුන් බොහෝ දුරට මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇති බවයි සඳහන් වන්නේ. ජනවාරි මස 31 වනදා රාත්‍රී 11 ට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම මෙම ඡන්ද විමසීම අවසානයේ සිදුවනු ඇති. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වන ක්‍රියාවලියේ අවසන් බාධකය වන්නේ මෙම යුරෝපා සංගම් පාර්ලිමේන්තු ඡන්ද විමසීමයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගම් සාමාජිකත්වය වසර 47 ක් පමණ පැරණිවූවක්.
The post බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම පිළිබඳ ඡන්ද විමසීම අද appeared first on ITN News.
Post a Comment