දියවරලිය දියවර ග්‍රාමීය ධීවර කාන්තා සංවිධාන පිහිටුවීම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ධීවර කාන්තාවන් ස්වයං රැකියා සදහා යොමු කිරීම අරමුණු කරගනිමිනුයි මෙම ධීවර කාන්තා සංවිධාන පිහිටුවීම සිදු කෙරෙන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසායක අවස්ථා හදුන්වා දීම මුල්කරගනිමින් මෙම ධීවර කාන්තා පිහිටුවීම ආරම්භ කෙරුණේ මාදම්පේ සමූපාකාර ශාලාවේදීයි. පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාවන් දෙදහසකට අධික පිරිසක් මීට එක්ව සිටියා. මෙම වැඩසටහන යටතේ යාපනය හා හම්බන්තොට දිස්ත්‍රික්වලද දියවරලිය දියවර ග්‍රාමීය ධීවර කාන්තා සංවිධාන පිහිටුවීමට පියවර ගන්නා බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී සඳහන් කළේ.
The post දියවරලිය ග්‍රාමීය ධීවර කාන්තා සංවිධාන පිහිටුවීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment