දඹුල්ල ගලේවෙලේ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණෙන් ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.
මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2389ක්.
දඹුල්ල ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ප්‍ර දේශ කිහිපයක වකුගඩු රෝගය බහුල ලෙස පවතින බවට සෞඛ්‍ය වාර්තා හෙළි කරනවා. එම ප්‍ර දේශවල දස දහසකට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ පහසුකම් සලසමිනුයි මෙම නව ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරෙන්නේ. මේ පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී පැවැත්වුණා. ආසියානු සංවර්ධන බැංකුව මේ සදහා ආධාර ලබා දෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය සිදු කරන්නේ. විසල් දඹුල්ල ජල ව්‍යාපෘතියේ දිගුවක් ලෙස මෙය ක්‍රියාත්මකයි. අදියර 4ක් යටතේ ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. ලබන නොවැම්බර් මාසය වන විට ප්‍රතිලාභීන්ට පිරිසිදු පානීය ජලය ලබා දීම අරමුණයි.
The post දඹුල්ලට ජල ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment