Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා සමග මුඛ ආවරණ මාෆියාවක්  

Add comments

කොරෝනා වෛරසය පාලනය සදහා මුඛ ආවරණ පළදින ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමත් සමග මුඛ ආවරණවල දැඩි හිගයක් පවතින බවට ජනතාව චෝදනා කරනවා. එවැනි කූඨ වෙළෙදුන් පිළිබදව මේ වනවිට වැටලීම් සිදුකරන බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කරන්නේ.

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය සදහා දැනට පවතින හොදම විසදුම ලෙස හදුනාගෙන ඇත්තේ මුඛ ආවරණ පැළදීමයි. නමුත් මේ වනවිටත් වෙළෙදපොල තුළ  අදාළ මුඛ ආවරණයන්හි දැඩි හිගයක් පවතිනවා.

ජනතාව චෝදනා කරන්නේ මුඛ ආවරණ සදහා එකවරම අධික ඉල්ලුමක් පැමිණීමත් සමග ඒ ඉල්ලුමට මුවාවී ඇතැම් කූඨ වෙළෙදුන් මේවායේ මිල ඉහළ දමා ඇති බවයි.

මේ පිළිබදව ප්‍රමුඛ පෙළේ රෝහල් කිහිපයකින්ම අප කළ විමසීමකදී එහි බලධාරීන් සදහන් කළේ ඔසුසල් හිමියන්ට අමතරව මේවායේ සැපයුම්කරුවන් ද එකවරම අදාළ මුඛ ආවරණයන්හි මිල ගනන් ඉහළ දමා ඇති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළවුණා.

The post කොරෝනා සමග මුඛ ආවරණ මාෆියාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG