මත්ද්‍රව්‍ය ජාවාරම් දෙකකට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල කහපොළ පඤ්ඤානන්ද මාවතේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මත්කුඩු ග‍්‍රෑම් 208 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමෙන් පසු එම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පොල්ගස්ඕවිට පාසල් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මත්කුඩු ග‍්‍රෑම් 280 ක් සමගින්.
මුලතිව් කල්ලප්පාඩු ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 430 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් දෙදෙනෙකු සමගින්.
The post මත්ද්‍රව්‍ය ජාවාරම් දෙකකට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment