Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි  

Add comments

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වුණා.

ස්වාධීන රූවාහිනිය වෙත පැමිණි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පිළිගනු ලැබූවේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතායි. අනතුරුව සභාපතිවරයා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සමග අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡා පැවැත්වූවා. ලබන 4 නිදහස් දිනය දා සිට ස්වාධීන රූපවාහිනියේ සිදුවන නව වෙනස සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. ස්වාධීන රූපවාහිනියේ ඉදිකිරීම් ආරම්භ කර ඇති නවීන තාක්ෂණයෙන් යුත් නව ප්‍රවෘත්ති මැදිරි සංකීර්ණය ද චූලානන්ද පෙරේරා මහතා නිරීක්ෂණය කළා.

 

 

 

 

The post ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG