Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ කිසිදු සම්පතක් විකිණීමට ඉඩ තබන්නේ නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ  

Add comments

රටේ කිසිදු සම්පතක් විකිණීමට ඉඩ තබන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා. ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර රේගු දිනය 2020 සැමරුම් උත්සවය රේගු මූලස්ථානයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශ්කාෂණ ක්‍රියාවලියේ අවහිරතා හඳුනාගෙන ඊට ක්‍රමවේදයක් හඳුන්වා දීමට අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ලෝක රේගු සංවිධානයේ මහලේකම්වරයා පිරිනැමූ විශේෂඥ උපදේශක නාමකරණය සහිත සුවිශේෂ බහුමාන සම්මානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සුනිල් ජයරත්න මහතා වෙත මෙහිදී පිරිනැමුණා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post රටේ කිසිදු සම්පතක් විකිණීමට ඉඩ තබන්නේ නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG