Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02ක්  

Add comments

මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සදහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම ආයතන ස්ථාපිත කිරීමට තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිත ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් පිහිටුවීම සදහා වන යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙම ආයතන 02ක පිහිටුවීම සදහා වන යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙම ආයතන 02 පිහිටුවීම සදහා අවශ්‍ය විශාල ගුවන් යානා නැවතුම් අංගන පහසුකම් රත්මලාන ගුවන් තොටුපළ සතුය. එමෙන්ම මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා අවශ්‍ය ඉඩම් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ සතු ව තිබේ. ආරම්භ කිරීමට අපේක්ෂිත නව පුහුණු ආයතන 02 සදහා ඩුබායි, තායිලන්තය, මියන්මාරය වැනි රටවලින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ද පවතී.

මෙම වැඩ සටහන් මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්, සුදුසුකම් හා කුසලතා සහිතව බිහිවන ආධුනික ගුවන් නියමුවන් ගුණාත්මකභාවය හේතුවෙන් රටේ ප්‍රමිතිය ඉහළ යනු ඇති බවත් එමගින් ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සන්නාම ප්‍රතිරූපය ද වැඩි දියුණු වනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

2036 වන විට ගුවන් සේවා කර්මාන්තයට මිලියන 2.1 ක අතිරේක ගුවන් නියමුවන්, නඩත්තු කාර්යමණ්ඩල, ගුවන් යානා කුටි කාර්ය මණ්ඩල, ගුවන් ගමන් පාලකවරුන් හා වෙනත් කම්කරුවන් අවශ්‍ය වේ. මෙම පිරිස සදහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ආසියා පැසිෆික් කලාපයෙනි.

එය ආසන්න වශයෙන් තනතුරු 817,000 ක් පමණ වනු ඇතැයි ගුවන් සේවා ක්ෂේත්‍ර යේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

මීට අදාළව එක්සත් ජාතික එමීර් රාජ්‍ය යේ ඇල්ෆා ඒවියේෂන් ඇකඩමිය මෙරට ආයෝජනය සදහා කැමැත්ත පළ කර ඇති බවත් ඒ සදහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම එකගතාවය පළ කර ඇති බවත් ඇමතිවරයා කියා සිටී.

ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලාංකීය ගුවන් සේවා කර්මාන්තය හා වෙළදපොල තුළ දැනුම හුවමාරු කිරීමේ ප්‍ර වේශයක් හදුන්වා දීම සදහා මෙම නව ව්‍යාපාරය ඉවහල් වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

The post මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG