Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාව බලාපොරොත්තු වූ කරුණු රැසක ප්‍රතිපත්තිමය තීන්දු ගෙන තිබෙනවා  

Add comments

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත් වී අද (25) ට දින 100 ක් සම්පුර්ණ වෙනවා. මේ කාලය තුළ ජනතාව බලාපොරොත්තු වූ කරුණු රැසක් පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු ගෙන තිබෙනවා යැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (25) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මේ බව සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා ,අතුරු සමමත ගිණුමට සංශෝධිත යෝජනාවක් ගෙනවිත් රජය ලබා ගැනීමට බලාපොරොත්තු වූ රුපියල් බිලියන 367ක පරිපූරක ඇස්තමේන්තුවේ මුදල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට ලබා ගත හැකි බවත්, ඒ සඳහා මැයි මාසයේ දී පවත්වන පාර්ලිමේන්තුව මඟින් අනුමැතිය ලබා ගත හැකි බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනාව සම්මත කර කිරීමට විරුද්ධ වූයේ සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ ඒ මඟින් ජනතාව අතට මුදල් ගලා යාම වැළක්වීම සඳහා බව ද කීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද මේ මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත. එහෙත්, මාස 03 ක් ඇතුළත ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු යයි ද අබේවර්ධන මහතා තවදුරටත් පැවසීය.

 

 

The post ජනතාව බලාපොරොත්තු වූ කරුණු රැසක ප්‍රතිපත්තිමය තීන්දු ගෙන තිබෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG