Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට  

Add comments

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවට අදාළ ලිපිගොනු දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත්කර තිබෙනවා.

පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩ මහතාට ඊයේ 4 වන වරටත් සිතාසි නිකුත් කෙරුනා.

ඒ ‍කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින්. මෙම නඩුව සම්බන්ධ ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට දැනුම්දී තිබුණා.

ඒ අනුවයි අදාළ ලිපිගොනු ජනාධිපති කොමිසමට භාරදී ඇත්තේ.

The post හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG