නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (25) නඩුවක් පැවරූවා.
ඒ ඔහු ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධවයි. ලන්ඩන් නුවර පැවති වෙළෙද ප්‍රදර්ශනයක් සදහා භාණ්ඩාගාරයේ අනුමත මුදලට වඩා රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වැය කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.
ප්‍රදර්ශන කටයුතු සදහා රුපියල් හාරලක්ෂ දාහතර දහසක් ද ලන්ඩන් නුවර හෝටලයක නවාතැන් ගැනීමට රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑදහස් හාරසිය හතලිස් හතරක් ද වෙන වෙනම අයුතු ලෙස අනුමත කරගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරනවා.
The post රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි appeared first on ITN News.

Post a Comment