Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ චාරා ප්‍රාන්තයේ පොලීසිය හා හමුදාව වැඩවර්ජනයක් අරඹයි  

Add comments

බ්‍රසීලයේ චාරා ප්‍රාන්තයේ පොලීසිය හා හමුදාව වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වැඩවර්ජනය ක්‍රියාත්මක වෙද්දී විවිධ ප්‍රහාරවලින් පුද්ගලයන් 147 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් සිදුවන මිනීමැරුම් අනුපාතයට වඩා වර්ජනය ක්‍රියාත්මක කාලයේ සිදුවන මිනීමැරුම් සංඛ්‍යාව පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට හමුදාව අනුයුක්ත කර ආරක්‍ෂාව තර කළ ද ඝාතන සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය 19 වනදා සිට චාරා ප්‍රාන්ත පොලීසිය වැඩවර්ජනයක් ආරම්භ කළේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින්. වර්ජනය තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද එය නොසලකා හරිමින් වර්ජනය ක්‍රියාවට නංවා තිබෙනවා.

 

The post බ්‍රසීලයේ චාරා ප්‍රාන්තයේ පොලීසිය හා හමුදාව වැඩවර්ජනයක් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG