තව්හිද් ජමාද් සංවිධානය සමග සම්බන්ධ වෙමින් අවි පුහුණුව ඇතුළු කටයුතුවලට සම්බන්ධ වූ සැකකරුවන් 64 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
පාස්කු ප්‍රහාරයෙන් පසු තව්හිද් ජමාද් සංවිධානය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී මෙම සැකකරුවන් 64 දෙනා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වුණා. සැකකරුවන් අද (25) දිනයේ මඩකලපුව වැඩ බලන මහේස්ත්‍රාත් එස්. තීගේෂ්වරන් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි මොවුන් ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණේ.
මෙම සැකකරුවන් තව්හිද් ජමාද් සංවිධානයේ සහරාන් හෂීම් සමග නුවරඑළියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ දී අවි පුහුණුව ලැබූ බව හෙළිව තිබෙනවා.
The post තව්හිද් ජමාද් සංවිධානය සමඟ සම්බන්ධ වෙමින් අවි පුහුණුව ලැබූ 64දෙනා යළි රිමාන්ඩ් appeared first on ITN News.

Post a Comment