පුරවැසි පාලන පනතට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණවලදී මියගිය පිරිස 13 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිල්ලියේ පැවති උද්ඝෝෂණවලදී පුද්ගලයින් 150 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්. දශක ගණනාවකින් අනතුරුව ඉන්දියාවේ අගනුවර ඇතිවූ දරුණුතම කළහකාරී තත්ත්වය මෙය වනවා. පුරවැසි පාලන පනතට සහයෝගය දක්වන්නන් සහ විරුද්ධවාදීන් මෙම උද්ඝෝෂණ සඳහා සහභාගිවී සිටිනවා. ඔවුන් ඇතිකරගත් ගැටුම්වලදී පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියදී මෙම ගැටුම් ආරම්භ වුණා. තවමත් නවදිල්ලියේ ගැටුම් පවතින බව සඳහන්.
The post ඉන්දියාවේ උද්ඝෝෂණ හේතුවෙන් මියගිය පිරිස 13 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment