චීනයේ වූහාන් නගරයේ සිට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් කණ්ඩායම් තුනකට වෙන්කර නිරෝධායන කටයුතු සිදුකරන බව ඉන්දියාව පවසනවා.
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් විශේෂ යානයෙන් දිල්ලි ගුවන් තොටුපොලට 324 දෙනෙක් රැගෙන ආ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අතර කුඩා දරුවන් තුන් දෙනෙකු සහ සිසුන් 211 දෙනෙකු ද වනවා.
උණ , කැස්ස සහ ශ්වසන අපහසුතා ඇති සැකසහිත පුද්ගලයන් පලමු කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. දෙවන කන්ඩායමට ඇතුලත් කර ඇත්තේ චීනයේදී මුහුදු ආහාර සහ සත්ව ආහාර අනුභව කළ පුද්ගලයන් මෙන්ම කොරෝනා ආසාධිත චීන ජාතිකයන් සමග සම්බන්ධතා පැවැත්වු පුද්ගලයන් බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සදහන් කළේ.
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන සහ සත්ව ආහාර අනුභව නොකළ පුද්ගලයන් තුන්වන කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. එම කණ්ඩායම් තුන ඉන්දීය යුද හමුදාවේ දායකත්වයෙන් වෙන වෙනම රදවා දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සිදුකෙරෙනවා.
The post ඉන්දීයාව වූහාන් සිට 324 දෙනෙක් රැගෙන එයි appeared first on ITN News.
Post a Comment