ලක්සම්බර්ග් විදේශ අමාත්‍ය ජිම් ඇසෙල්බෝර්න් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදී. පුනර්ජනනීය බලශක්ති, භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්රයේදී ලක්සම්බර්ග් රාජ්‍යයෙන් ශ්‍රී‍්‍ර ලංකාවට ලබාගත හැකි සහය පිළිබදව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකා බැංකු ක්ෂේත්රයේ දියුණුවට උපකාර කළ හැකි බවයි ලක්සම්බර්ග් විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේ.
ශ්‍රී‍්‍ර ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයට විශේෂ විභවනතාවයන් ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. සුළං හා සූර්ය බලශක්ති උත්පාදන ආයෝජකයන් ශ්‍රී‍්‍ර ලංකාවට පිළිගන්නා බවයි එහිදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ.
ශ්‍රී‍්‍ර ලංකාවට අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්රයන් හි ආයෝජන අවශ්‍ය බව ද මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා.
The post ලක්සම්බර්ග් විදේශ ඇමති ජනපති හමුවෙයි appeared first on ITN News.
Post a Comment