Feb
01
චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා ඊයේ (31) ශ්‍රි ලංකාවෙන් පිටත්ව ගිය විශේෂ ගුවන්යානයෙන් අද (01) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
යූ ඒල් 1423 දරණ විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියා. මෙම යානය චීනය වෙත ඊයේ කටුනායක ගුවන්තොටුපොලින් පිටත්ව ගියා. මෙම යානයේ වුහාන්වල සිටි සිසුන් 33 දෙනෙකු රැගෙන ආ බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග සදහන් කරනවා.
සිසුන් විශේෂ බස්රථයකින් දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිතයි.පසුගිය දින 5 තුළ චීනයේ බීජිං, ෂැන්හයි හා ග්වංශු ප්‍රදේශවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 627 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බව තානාපති අංශ සදහන් කරනවා.
The post චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා දිවයිනට appeared first on ITN News.
Post a Comment