සිරියා ගුවන් ප්‍රහාරයකින් තුර්කි හමුදා සෙබලුන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ කැරළි කණ්ඩායම් වලට එරෙහිවයි සිරියා හමුදාව මෙම ගුවන් ප්‍රහාර එල්ලකර ඇත්තේ. මීට රුසියා හමුදාවේ සහාය ද ලැබෙන බව සඳහන්. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් අනතුරු අඟවමින් ප්‍රකාශ කරන්නේ තමන් ඒ සම්බන්ධයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි. තවද තුර්කියේ අන්කාරා අගනුවර තුර්කි ජනාධිපතිවරයා හදිසි ආරක්ෂක රැස්වීමක් පවත්වමින් මේ සම්බන්ධව එරට අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ දැනුවත්කර තිබෙනවා.
The post සිරියා ගුවන් ප්‍රහාරයකින් තුර්කි හමුදා සෙබලුන් 33 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment