ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 44ක මුදල් කොල්ලයක් සිදුකර අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ලබන 28 වනදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසයි මෙහිදී නියෝග කෙරුණේ.
සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත්තා. ඔවුන් රදවාගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබාදෙන ලෙසයි පොලීසිය එහිදී ඉල්ලා සිටියේ. ඒ අනුව සැකකරුවන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරුණා.
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගී වූ සැකකරුන් තුන්දෙනාද මෙම කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.
The post ගම්පහ ලක්ෂ 44ක මුදල් කොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment