Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප‍්‍රහාරයේ හානිය අවම කරගැනීමට තිබූ හැකියාවක් ගැන ජනපති කොමිසමේදී හෙලිවෙයි  

Add comments

කොළඹ උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා තම උපදෙස් නිසි අයුරින් කි‍්‍රයාත්මක කළේ නම් පාස්කු ප‍්‍රහාරයේ හානිය අවම කරගැනීමේ හැකියාව තිබූ බව එවක කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අනාවරණය කළා .

ඒ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට සාක්ෂි ලබාදෙමින්. ඔහු පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (27) සාක්ෂි ලබාදුන්නා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ප‍්‍රහාරය සිදුවූ දිනට පෙර දින දුරකථන ඇමතුමක් ලබාදෙමින් අප්‍රේල් 20 හෝ 21 අනිවාර්යයෙන්ම ප‍්‍රහාරයක් එල්ල වන බව සඳහන් කළ බවයි ලලිත්ත පතිනායක මහතා සාක්ෂි ලබාදෙමින් අනාවරණය කළේ.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔහු තමන්ට දැනුම් දුන් බවත් පතිනායක මහතා ප‍්‍රකාශ කළා. ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලලිත් පතිනායක මහතා දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා. තොරතුරේ තිබුණු බරපතලකම වටහාගෙන තමන් කොළඹ උතුර සහ කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරුන්ට දුරකථන ඇමතුම් ගෙන ඔවුන් දැනුවත් කිරිමට ද පියවර ගත් බවයි ලලිත් පතිනායක මහතා භෙලිකළේ.

The post පාස්කු ප‍්‍රහාරයේ හානිය අවම කරගැනීමට තිබූ හැකියාවක් ගැන ජනපති කොමිසමේදී හෙලිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG