Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල පහතට  

Add comments

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5 කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සෙසු බේකරි නිෂ්පාදනවල මිල සියයට 8 කින් අඩු කිරීමට තීරණය කළ බවයි එම සංගමය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

නව රජය පත්වීමත් සමග අදහාගත නොහැකි ආකාරයෙන් බදු සහන සැලසීම හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම් කේ ජයවර්ධන මහතා සඳහන් කළා.

බේකරි කර්මාන්තයෙන් බදු ඉවත් කෙරුණා. පාන් පිටි කිලෝග්‍රෑමයකට තිබූ සියයට 37යි දශම 5 ක බදු මුදල සියයට 8 දක්වා අඩු කළ බව ද ඒ මහතා පැවසුවා.

 

 

 

 

 

The post හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල පහතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG