පසුගිය කාලයේ බදවාගත් සංවර්ධන නිලධාරීන් හතලිස් දහසකට ස්ථිර පත්වීම් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමාත්‍යවරයා එම අදහස් පළකළේ.
2018 වසරේ බදවාගත් සංවර්ධන නිලධාරීන්ගේ සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පසුගියදා පැවැත්වුණා. ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීම සදහා වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුණා.
අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළකළා.
The post පසුගිය කාලයේ බදවාගත් සංවර්ධන නිලධාරීන් හතලිස් දහසකට ස්ථිර පත්වීම් ලබාදීම කෙරෙහි රජයේ අවධානය appeared first on ITN News.
Post a Comment