Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඩම් නඩු කඩිනමින් විභාග කරන්න අගමැතිගෙන් සැළසුම්  

Add comments

රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හිමිකම් ඔප්පු දෙදහස් පන්සියයක් ලබා දීම අද සිදුකෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර අද පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. රන්බිම හිමිකම් ඔප්පු 2,500ක් හා විහාරස්ථාන 7 ක් සඳහා හිමිකම් ඔප්පු මෙහිදී පිරිනැමුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ ඉඩම් වන්දි සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රමාද වී ඇති නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

 

මේ අතර 2020 ජාතික නර්තන දින සැමරුම් උලෙළ හා ගුරුදේව පණිභාරත සිය වන ජන්ම දින සැමරුම කොළඹදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුරුදේව පණිභාරත අභිනන්දන කෘතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. පණිභාරතයන් වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණා.

The post ඉඩම් නඩු කඩිනමින් විභාග කරන්න අගමැතිගෙන් සැළසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG