හදිසි අනතුරකින් බරපතල තුවාල ලැබූ රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
තලවතුගොඩ ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය චාමර ප්‍රියදර්ශන වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා එම මුදල් චෙක්පත චාමර ප්‍රියදර්ශනගේ පවුලේ සාමාජිකයින් වෙත ලබාදුන්නා.
මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලීන් නිශ්ශංක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.
The post රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන වෙත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙන් මූල්‍ය පරිත්‍යාගයක් appeared first on ITN News.

Post a Comment